මැඩෝනා (ගායිකාව)

මැඩෝනා
thumb
Madonna at the premiere of I Am Because We Are in 2008
පසුබිම් තොරතුරු
උපත් නාමයMadonna Louise Ciccone
මෙලෙසින් ද හැඳින්වේMadonna Ciccone, Madonna Louise Veronica Ciccone (confirmation name), Esther (Kabbalah name)
උපතඅගෝස්තු 16, 1958 (1958-08-16) (අවුරුදු 59)
Bay City, Michigan,
United States
ප්‍රභේදPop, rock, dance
වෘත්තියSinger-songwriter, record producer, dancer, actress, film producer, film director, fashion designer, author, entrepreneur
වාද්‍ය භාණ්ඩVocals, guitar, percussion, drums
සක්‍රීය වර්ෂ1979–present
ලේබලSire, Maverick, Warner Bros, Live Nation Artists
සම්බන්ධිත රඟපෑම්Breakfast Club, Emmy
වෙබ් අඩවිය

madonna.com


100px
Madonna's signature


අයි ඈම් බිකෝස් වී ආර් මුහුරත් උළෙලට පැමිණි මැඩෝනා

මූලික තොරතුරු

උපන් නම මැඩෝනා ලූයිස් සිකොන්

වෙනත් නම් මැඩෝනා ලූයිස් වෙරෝනිකා සිකොන් රිචි මැඩෝනා උපත 1958 අගෝස්තු 16බේ සිටි මිචිගන් එක්සත් ජනපදය

ප‍්‍රභවය නිව් යෝර්ක් නගරය එක්සත් ජනපදය

ශෛලීන් පොප්, ඩාන්ස්, ඉලෙක්ට්‍රොනිකා

රැකියා ගායිකා, ගීත රචිකා, සංගීතවේදී, සංගීත නිශ්පාදිකා, චිත‍්‍රපට නිශ්පාදිකා, චිත‍්‍රපට අධ්‍යක්ෂිකා, මෝස්තර නිර්මාණ ශිල්පිණී, නැටුම් ශිල්පිණී, ලේඛිකා, නිලි

වාද්‍ය භාණ්ඩ කටහඩ, ගිටාර්, ඩ‍්‍රම්ස්

ක‍්‍රියාකාරී වර්ෂ 1982 සිට අද දක්වා

සමාගම් ලයිව් නේෂන් ආර්ටිස්ට්ස් (2008)

වෝනර් බ‍්‍රදර්ස් (1982-2008)

මේව්රික් (1992-2004)

සයර් (1982-1994)

වෙබ් අඩවිය www.madonna.com

කලා ලෝකය තුල මැඩෝනා නමින් ප‍්‍රසිද්ධ මැඩෝනා ලූයිස් සිකෝන් රිචී (උපත 1958 අගෝසතු 16) ගායන, ගීත රචන, නර්තන, සංගීත අධ්‍යක්ෂන හා සංගීත නිශ්පාදන අංශ වල අමෙරිකානු ග‍්‍රැමි සම්මාන ලාභිනියක වන අතර ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන ලාභි නිලියක වේ. එදා මෙදා තුර විශිෂ්ටතම පොප් ගායිකාවක ලෙස සැලකෙන ඇය ජනමාධ්‍ය මගින් පොප් රැජින ලෙස හුවා දක්වයි. සිය තුරුණු වියේදී බැලේ රංගන ශිල්පිණයක වීමට පෙරුම් පිරූ මැඩෝනා නර්තන නිර්මාපක ඇල්වින් ඇයිලේ වෙතින් ඒ සඳහා පුහුණුව ලැබ ගත්තා ය. ඉන්පසු විනෝදාස්වාද ක්‍ෂේත‍්‍රයේ ඇගේ පළමු ඉදිරිපත් කිරීම පෝල් හර්නැන්ඩෙස් ගේ නර්තන කණ්ඩායමෙන් ඉදිරිපත් කළා ය. ඇය ඩැන් ගිල්රෝයි සමග එක්ව බ්‍රෙක්ෆර්ස්ට් ක්ලබ් නමින් පොප් යුගලක් සංයෝජනය කළා ය. මුලින්ම කණ්ඩායමේ ඩ‍්‍රම්ස් වාද්‍ය ශිල්පිණිය ලෙස කටයුතු කළ ද ඇය ඉන් ඉවත් වන තුරුම එහි ප‍්‍රධාන ගායිකාව ලෙස ද කටයුතු කළා ය. ඉන්පසු ඇය ඩ‍්‍රම්ස් වාදක ස්ටීවන් බ්‍රේ සමග එක්ව ඇගේ දෙවන සංගීත කණ්ඩායම වූ එමී ට එක්විය. පසුව දෙදෙනාම මැඩෝනාගේ ඒක පුද්ගල කලා ජීවිතය අරමුණු කරගෙන කණ්ඩායමෙන් ඉවත් වූහ.

ඇගේ නමින් ම 1983 දී නිකුත් වූ ඇල්බමයෙන් ආරම්භ වූ ඇගේ ඒක පුද්ගල සංගීත දිවිය බිල්බෝර්ඞ් 200 හි පළමු ස්ථානයට පත්වූ ඇල්බම තුනක් පිට පිට බිහිකිරීමත් සමග තාරකා තත්වයට බවට පත්විය. එම ඇල්බම නම් 1984 දී නිකුත් වූ ලයික් අ වර්ජින්, 1986 දී නිකුත් වූ ටෲ බ්ලූ හා 1989 දී නිකුත් වූ ලයික් අ පේ‍්‍රයර් වේ. ඉන්පසු නිකුත් වූ ඇගේ ඇල්බම දෙක වන එරොටිකා (1992) හා බෙඞ් ටයිම් ස්ටෝරිස් (1994) සම්බන්ධයෙන් තරමක් දුර්වල විචාරක හා වානිජ අවධානය ලැබුන ද ඇගේ හත්වන ඇල්බමය වන රේ ඔෆ් ලයිට් මගින් ඇය විචාරක අවධානය දිනා ගත්තාය. ඉන්පසුව තවත් පළමු ස්ථාන දිනූ ඇල්බම තුනක් සමග ඇය පොප් සංගීතයේ ඉදිරියෙන් ම තවදුරටත් රැඳී සිටින්නට සමත් විය. එම ඇල්බම නම් මියුසික් (2000) ඇමෙරිකන් ලයිෆ් (2003) හා කොන්ෆෙෂන්ස් ඔන් අ ඩාන්ස් ෆ්ලෝර් (2005) වේ.

අමෙරිකානු සංගීත කර්මාන්ත සංවිධානය විසින් මැඩෝනා විසිවන සියවසේ වැඩිම අලෙවියක් ලද රොක් කලාකාරිණිය ලෙස නම් කර තිබේ. එසේම ඇය අමෙරිකාවේ වැඩිම අලෙවියක් ලද ගායිකාවන් අතුරින් බාබරා ස්ටෙ‍්‍රයිසෑන්ඞ් ට පමණක් දෙවැනි වී ඇත්තේ ඇල්බම මිලියන 63 ක අලෙවියක් සමග ය. ගිනස් වාර්තා පොතට අනුව ඇය ලොව සාර්ථක ම සංගීතවේදිනිය වන අතර ලොව පුරා මිලියන 200 කට අධික ඇල්බම අලෙවි වී ඇති ඇගේ සමස්ත වටිනාකම ඩොලර් මිලියන 400 ඉක්මවයි. බිල්බෝර්ඞ් වාර්තා දක්වන පරිදි ඇගේ 2006 කොන්ෆෙෂන්ස් ලෝක සංචාරය කලාකාරිණියක විසින් රැස් කළ වැඩිම ආදායම සහිත ලෝක සවාරිය යි. 2008 මාර්තු 10 දින ඇය රොක් ඇන්ඞ් රෝල් ඓතිහාසික චරිත අතරට එක් කරනු ලැබුවා ය.

මැඩෝනා සිය රංගන ජීවිතය ආරම්භ කළේ 1979 අඩු වියදම් චිත‍්‍රපටයක් වූ අ සර්ටන් සැක්රිෆයිස් සමගය. 1985 බොක්ස් ඔෆිස් වාර්තා තැබූ ඩෙස්පරේට්ලි සීක්න් සුසෑන් චිත‍්‍රපටයේ ඇගේ පළමු ප‍්‍රධාන චරිතය නිරූපණය කිරීමත් සමග ඇය තාරකාවක් බවට පත් වූවා ය. ඉන්පසු ඇය සාපේක්ෂව අසාර්ථක වූ චිත‍්‍රපට වන ෂැන්ග්හයි එක්ස්ප‍්‍රස් (1986) බොඩි ඔෆ් එවිඩන්ස් (1993) ද නෙක්ස් බෙස්ට් තින්ග් (2000) හා ස්වෙප්ට් අවේ (2002) හි පෙනී සිටියා ය. මීට අමතරව ඇය බොහෝ කෙටි පෙනීසිටීම් වලට ඉදිරිපත් වී තිබේ. එසේ ම ඇය බොක්ස් ඔෆීස් වාර්තා තැබූ චිත‍්‍රපට වන ඩික් ටේ‍්‍රසි (1990) අ ලීග් ඔෆ් දෙයාර් ඔව්න් (1992) හා එවිටා (1996) හා රඟපෑවාය. එවිටා යනු එම නමින් ම වූ සංගීතමය නාට්‍ය පදනම් කරගත් චිත‍්‍රපටයක් වූ අතර එමගින් ඇය සංගීතමය හෝ හාස්‍යමය චිත‍්‍රපටයක හොඳම නිලියට හිමි ගෝල්ඩන් ග්ලෝබ් සම්මානය හිමිකර ගත්තා ය.

Other Languages
Afrikaans: Madonna
aragonés: Madonna
مصرى: مادونا
asturianu: Madonna
azərbaycanca: Madonna
تۆرکجه: مدونا
беларуская: Мадонна (спявачка)
беларуская (тарашкевіца)‎: Мадонна (сьпявачка)
български: Мадона (певица)
বাংলা: ম্যাডোনা
bosanski: Madonna
català: Madonna
Chavacano de Zamboanga: Madonna (artista)
Mìng-dĕ̤ng-ngṳ̄: Madonna
corsu: Madonna
čeština: Madonna
Zazaki: Madonna
dolnoserbski: Madonna
Ελληνικά: Μαντόνα
emiliàn e rumagnòl: Madonna (cantànta)
Esperanto: Madonna
español: Madonna
euskara: Madonna
فارسی: مدونا
suomi: Madonna
føroyskt: Madonna
français: Madonna
Frysk: Madonna
Gaeilge: Madonna
贛語: 瑪當娜
galego: Madonna
गोंयची कोंकणी / Gõychi Konknni: Madonna
עברית: מדונה
hrvatski: Madonna
hornjoserbsce: Madonna
Հայերեն: Մադոննա
Bahasa Indonesia: Madonna
Interlingue: Madonna
íslenska: Madonna
Basa Jawa: Madonna
Taqbaylit: Madonna
한국어: 마돈나
Перем Коми: Мадонна (сьылісь)
Lëtzebuergesch: Madonna (Sängerin)
lietuvių: Madonna
Malagasy: Madonna
олык марий: Мадонна (мурызо)
македонски: Мадона (пејачка)
മലയാളം: മഡോണ (ഗായിക)
मराठी: मॅडोना
кырык мары: Мадонна (мырызы)
Bahasa Melayu: Madonna
Nāhuatl: Madonna
Nedersaksies: Madonna (zangeres)
Nederlands: Madonna (zangeres)
norsk nynorsk: Artisten Madonna
occitan: Madonna
português: Madonna
română: Madonna
sardu: Madonna
Scots: Madonna
srpskohrvatski / српскохрватски: Madonna
Simple English: Madonna (entertainer)
slovenčina: Madonna
slovenščina: Madonna
shqip: Madonna
српски / srpski: Мадона
Seeltersk: Madonna
தமிழ்: மடோனா
Tagalog: Madonna
Türkçe: Madonna
українська: Мадонна (співачка)
اردو: میڈونا
oʻzbekcha/ўзбекча: Madonna (artist)
Tiếng Việt: Madonna (ca sĩ)
Winaray: Madonna
მარგალური: მადონა
ייִדיש: מאדאנא
Yorùbá: Madonna
中文: 麥當娜
Bân-lâm-gú: Madonna
粵語: 麥當娜