මහා සේජොං

යි දෝ
ජොසොන්හි රජ
රාජ්‍ය සමය 1418 – 1450
අභිෂේකය සැප්තැම්බර් 18, 1418 (21 වියැති)
පූර්වප්‍රාප්තිකයා තේජොං (යි බං-වොන්)
අනුප්‍රාප්තිකයා මුන්ජොං (යි හ්යාං)
අනුරජ හිටපු රජ ලෙස තේජොං (1418–1422)
කිරුළහිමි කුමරු ලෙස මුන්ජොං (1442-1450)
උපත මැයි 15, 1397
හන්සුං, ජොසොන් [1]
මරණය අප්‍රේල් 8, 1450 (52 වියැති)
හන්සුං, ජොසොන්
බිසව

අගබිසව

  • චොංසොං සිම් වංශයේ සොහොන් අගබිසව

රාජකීය උපබිසව

  • හ්යේ-බින් යැං
  • යොං-බින් ගං
  • සින්-බින් කිම්
  • ග්වයි-ඉන් බක්
  • ග්වයි-ඉන් චෝයි
  • සුක්-උයි ජෝයි
  • සෝ-යොං හොං
  • සුක්-වොන් යි
  • සං-චිම් සොං
  • සා-ගි චා
දරුවන් දරුවන් 22දෙනා අතුරින් නීත්‍යානුකූල 10දෙනා:
— ජොංසෝ කුමරිය (උ. 1412),
ජොසොන්හි මුන්ජොං (උ. 1414),
— ජොං-උයි කුමරිය (උ. 1415),
ජොසොන්හි සේජෝ (උ.1417),
— අන්ප්යොං කුමරු (උ. 1418),
— ඉම්යොං කුමරු (උ. 1419),
— ග්වංප්යොං (උ. 1425),
— ගුම්සොං කුමරු (උ. 1426),
— ප්යොං-වොන් කුමරු (උ. 1427),
— යොං-ඉයුං කුමරු (උ. 1434)
මරණාපර නාමය
මහා සේජොං ජංහොන් යොංමුන් යේමු ඉන්සොං මියොංහ්යෝ රජ
세종장헌영문예무인성명효대왕
世宗莊憲英文睿武仁聖明孝大王
විහාර නාමය
සේජොං
ගෘහය ජොන්ජු යි
පියා තේජොං (යි බං-වොන්)
මව ජොසොන්හි වොන්ග්යොං අගබිසව
ආගම කොන්ෆියුසියානුවාදය; පසුව බුදු දහම
‍කොරියානු නම
හංගුල්
හංජා
සංශෝධිත රොමානුකරණය සේජොං දේවං
මෙකන්–රයිෂවර් සේජොං තේවං
උපන් නම
හංගුල්
හංජා
සංශෝධිත රොමානුකරණය ඉ දෝ
මෙකන්–රයිෂවර් ලී තෝ
දාරක නම
හංගුල්
හංජා
සංශෝධිත රොමානුකරණය වොන් ජොං
මෙකන්–රයිෂවර් වෝන් චෝං

මහා සේජොං (කොරියානු උච්චාරණය:  [sʰe(ː)dʑoŋ]; මැයි 15, 1397 – අප්‍රේල් 8, 1450, රාජ්‍ය වර්ෂ. 1418–1450) යනු කොරියාවේ ජොසොන් රාජවංශයේ සිව්වන පාලකයායි. යි (pronounced  [i(ː)]; හංගුල්:이; හන්ජා:李) පවුලට උපන් ඔහුට දෙන ලද නාමය දෝ (도; 祹) වේ. ඔහුගේ පවුලේ සම්භවය ජොන්ජු ( [tɕʌndʑu]; 전주; 全州) පෙදෙසේ සිදු විය. ඔහුගේ විකට නාමය වොන්ජොං (원정; 元正) ය. ඔහු තේජොං රජු සහ මින් අගබිසවගේ තෙවන පුත්‍රයායි. ඔහුව කිරුළහිමි කුමරු තනතුරට පත්කෙරුණේ, ඔහුගේ වැඩිමහල් සොහොයුරා වූ ජේ කුමරු සිය තනතුර අත්හැරීමත් සමගයි. 1418දී ඔහු සිහසුනට පත් විය. ඔහුගේ ප්‍රථම වර්ෂ හත‍ර තුළ, තේජොං රජු රාජ්‍යාධිකාරී ලෙස කටයුතු කළේ ය. එහි දී සේජොංගේ මාමණ්ඩිය වූ සිම් ඔන් සහ ඔහුගේ සමීප ඥාතීනට දඬුවම් පමුණුවන ලදී.

කොන්ෆියුසියානු ප්‍රතිපත්ති ප්‍රතිසංවිධානය කළ සේජොං ප්‍රධාන නීතිමය සංශෝධන (공법; 貢法) සම්පූර්ණ කළේය. කොරියානු වර්ණමාලාව වූ හංගුල් නිර්මාණය කළ ඔහු, විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රගමනයට උපකාර කළේය. එසේම රට සමෘද්ධිමත් සහ ස්ථාවර කිරීමට ඔහු නොයෙකුත් ක්‍රියාමාර්ග අනුගමනය කළේය. උතුරු පෙදෙස වෙත යුධ ව්‍යාපාර මෙහෙයවූ ඔහු සාමින් ප්‍රතිපත්තිය (사민정책; 徙民政策) ආරම්භ කොට, ප්‍රදේශයට නව පදිංචිකරුවන් ආකර්ෂනය කොට පත්තේය. දකුණු දෙසින් ජපන් ආක්‍රමණ මැඬලූ ඔහු ට්සුෂිමා දූපත අල්ලාගත්තේය.

රාජ්‍ය සමයේ 1418 සිට 1450 දක්වා කාලය සැලකූ විට, 1422 සිට 1442 දක්වා ඔහු තනිව රාජ්‍ය පාලනය මෙහෙයවූ අතර 1442 සිට 1450 ඔහුගේ මරණය දක්වා කාලයේ ඔහු සිය පුත් කිරුළහිමි මුන්ජොං කුමරු සමග හවුල් පාලනයක් ගෙනගියේය.

"මහා" / "大王" යන නාමය ගෝර්යෝ සහ ජොසොන් රාජවංශවල සියලු රජවරුනට මරණාපරව ලබා දී තිබුණත්, සාමාන්‍යයෙන් මෙම නාමය ව්‍යවහාර වන්නේ ග්වංගෙටෝ සහ සේජොං යන රජවරුන් සඳහා පමණකි.

මුල්කාලීන දිවිය

1397 මැයි 15වන දින සේජොං උපත ලැබූයේ තේජොං රජුගේ තෙවන පුත්‍රයා ලෙසයි. [2] ඔහු දොළොස්වන වියට එළඹෙන විට ප්‍රධාන කුමාර චුංන්‍යොං (충녕대군) යන නාමය හිමි විය. ලාබාල කුමරකු ලෙස, ඔහු නොයෙකුත් අධ්‍යයන කටයුතු වල නියැළුණු අතර, තේජොං රජු ඔහුගේ වැඩිමහල් පුතුන් දෙදෙනාට වඩා සේජොංට ප්‍රියකළ බව කියැවේ.

තෙවන පුත්‍රයා වුවත්, සේජොං සිහසුනට පත්වූයේ සාධාරණ අයුරිනි. 1404දී තේජොං රජු සිය වැඩිමහල්ම පුත්‍රයා වූ යංන්‍යොං (양녕대군) යුව රජු ලෙස නම්කළේය. කෙසේනමුත්, යංන්‍යොංගේ වගකීම් වරහිත ක්‍රියා කලාපය සහ දඩයම හා විනෝදය කෙරෙහි දැක්වූ ලොල් බව හේතුවෙන්, 1418 ජූනි මස ඔහුව යුව රජ තනතුරෙන් ඉවත් කෙරිණි. යංන්‍යොං සිය බාල සොහොයුරාට තනතුර ලබාදීමේ අදහසින් කිරුළහිමි කුමරු තනතුර අත්හැරි බවට පැවසුණ ද, මේ පිළිබඳ නිශ්චිත වාර්තා හමු වී නැත. සේජොංව එම තනතුරට පත් කරමින් තේජොං රජුගේ දෙවන පුත්‍රයා බෞද්ධ භික්ෂුවක් බවට පත්වූයේ ය. [3]

යංන්‍යොං යුව රජ තනතුරෙන් නෙරපීමෙන් පසු සිය බාල පුතුගේ තනතුර ආරක්ෂා කරනු පිණිස තේජොං ක්ෂණිකව ක්‍රියාකළේය. යංන්‍යොංගේ නෙරපීමට විරුද්ධ වූ රාජ්‍ය නිලධාරීන්ව ඉවත් කරන ලදී. 1418 අගෝස්තු මස සිහසුන අත්හැරි තේජොං, සේජොංව සිහසුනට පත්කළේය. කෙසේනමුත්, විශ්‍රාම ගැනීමෙන් පසුවත් තේජොං රාජ්‍ය පාලනයට මැදිහත් විය. 1422 තේජොංගේ මරණය තෙක්ම, සේජොංගේ විස්මයජනක දේශපාලන ඥානය සහ නිර්මාණශීලීත්වය ලෝකයාට ‍දැකගත හැකි වූයේ නැත. [3]

Other Languages
български: Седжон
català: Sejong
Mìng-dĕ̤ng-ngṳ̄: Dièu-siēng Sié-cŭng
čeština: Sedžong Veliký
kaszëbsczi: Sejong Wiôldżi
Deutsch: Sejong
Esperanto: Seĝong
euskara: Sejong Handia
français: Sejong le Grand
Nordfriisk: Sejong (köning)
Հայերեն: Սեջոնգ Մեծ
Bahasa Indonesia: Sejong yang Agung
ქართული: სეჯონ დიდი
қазақша: Ұлы Седжон
한국어: 조선 세종
Latina: Sejong
lietuvių: Sejong
монгол: Сэжун ван
Bahasa Melayu: Sejong Agung
norsk nynorsk: Sejong den store
português: Rei Sejong
Scots: Sejong
Simple English: Sejong the Great
ślůnski: Sejong Wjelgi
Türkçe: Sejong
українська: Седжон Великий
吴语: 朝鮮世宗
中文: 朝鮮世宗
文言: 朝鮮世宗
Bân-lâm-gú: Tiâu-sián Sè-chong
粵語: 李裪