බංග්‍රා නැටුම්

ගොනුව:Bhangra.jpg
thumb


මෙම නැටුම් ඉන්දියාවේ පංජාබ් නඟරය කේන්ද්‍ර කොට ගෙන බිහිවී ඇත. ආරම්භයේ දී හුදෙක් ගොවිජනයාගේ නැටුමක් ලෙසින් ප්‍රචලිත වී තිබිණි. වසන්ත කාලය එළඹී පළමු අස්වැන්න නෙලීමේ ප්‍රීතිය නිමිති කොටගෙන නව උදාවක් සනිටුහන් කිරීමට මෙම ජන නැටුම් පංජාබ් ගොවීහු උපයෝගී කර ගනිති. වර්තමානය වන විට මෙම බංග්‍රා නැටුම් නොයෙකුත් නැටුම් රටා හා මුසුවීමත් සමඟම ලෝකප්‍රකට වී ඇත. තවද ලොව වේගවත්ම ලෙස ප්‍රචලිත වෙමින් පවතින නැටුම් කලාවක් ලෙස මෙම බංග්‍රා නැටුම් හැඳින්විය හැක.වර්තමානයේ ලොව පුරා වෙසෙන සියළු ජනයා වයස් භේදයකින් තොරව ගුවන් විදුලියෙන් ද, පොප් සංගීතයෙන් ද, නොයෙකුත් තරඟාවලින්හි දී ද, මෙම බංග්‍රා නැටුම් සංගීතය රස විඳිති. මෙම නැටුම් කලාව ප්‍රචලිත වීමත් සමඟම විද්වතුන් මෙම ශෛලියේ සාම්ප්‍රදායකි ගුණාංග රැක ගැනීමේ ලා මහඟු ප්‍රයත්නයක යෙදෙයි.

Other Languages
العربية: بانغرا
català: Bhangra
Deutsch: Bhangra
español: Bhangra
suomi: Bhangra
français: Bhangra
עברית: באנגרה
हिन्दी: भांगड़ा
italiano: Bhangra
日本語: バングラ
Nederlands: Bhangra (muziek)
ਪੰਜਾਬੀ: ਭੰਗੜਾ (ਨਾਚ)
polski: Bhangra
پنجابی: پنگڑا
português: Bhangra
Simple English: Bhangra
svenska: Bhangra
اردو: بھنگڑا
中文: 巴恩格拉